Loading...

අපේ දායකත්වය අපි ලබාදෙන්න ඕනේ රට ගොඩගන්න – සජබ නායක සජිත් ප්‍රේමදාස

වර්ථමානයේ ඇති එකම විකල්පය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින්.

රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා සමඟි ජන බලවේගයට ද ඇති කාර්යයක් බවද සමඟි ජන බලවේගය නායකයා මෙහිදී කියා සිටියා.

“එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි. අද වත්මන් රජයට තියෙන එකම විකල්පය සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි.

මේ රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට, ප්‍රශ්නවලට, අභියෝගවලට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්වෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අපිට පැවරෙනවා.

දැන් දැන් අපිට අහන්න ලැබෙනවා දළ දේශීය ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කිරීම අසීරුයි කියලා.

අපිත් මේ රටේ අධ්‍යාපනයට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාගැනීමේ වැඩපිළිවෙලකට මුලපුරන්නට ඕනේ. මේක තමා නව දේශපාලන සංස්කෘතිය.

හැමදාම විවේචනවලට පමණක් සීමාවෙච්ච ගමනකට අපිට මුලපුරන්නට බැහැ.

දැන් බොහෝ දේවල් අපිට ඇහෙනවා ක්‍රියාත්මක කරනවා කිව්ව බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි තැනක ඉන්නේ.

එතැනදි අපි කරන්නට ඕනේ ඒ අඩුපාඩුකම් පෙන්න පෙන්න සිටීම පමණක් නොව, අපේ දායකත්වය අපි ලබාදෙන්න ඕනේ රට ගොඩගන්න.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *