කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළය පුපුරා ගොස් තිබෙනවා.
මෝටර් රථයක් ගැටීම හේතුවෙන් මෙම නළය පුපුරා ගොස් ඇති අතර මේ වන විට ජල නලය යථා තත්ත්වය පත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් එම ජල නලයේ වැදී අනතුරට ලක් වීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරෙන් කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එනු ලබන නලය පුපුරා ගිය අතර ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකය නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.
කලටුවාව ජලාශයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා කියා සිටියේ අද (17) පස්වරුව වන විට ජල නලය සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
Leave a Reply