Loading...

,

රනිල් ගැන හිතලා එජාප සංවත්සරය කල් දමයි

ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය උත්සවය කල් දැමීමට එම පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කොළඹ දී අද (02) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණය එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවසුවා.

මහලේකම්වරිය සඳහන් කළේ එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹෙන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *