බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේදී බ්‍රිතාන්‍යය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය 2024 අප්‍රේල් 5 වනදා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සැලකිල්ලට ගෙන එක්සත් රාජධානිය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයට අදාළව වන අයුරින් එක්සත් රාජධානිය විසින් පනවා තිබූ සංචාරක උපදේශනයට හදිසි වෛද්‍ය සේවා, ඇතුල්වීමේ ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, සමස්ත ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රවේශය වැනි විවිධ ක්ෂේත්‍ර යටත්ව තිබුණා.
මේ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර තිබෙනවා.
තවද වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවධානම ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානිය සැලකෙන්නේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තෙවන විශාලතම රට ලෙසයි.
ඒ අනුව 2024 වසරේ ජනවාරි 1 වනදා සිට මාර්තු 27 වන කාලය දක්වා එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53928 පැමිණ තිබෙනවා.
සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් දිරි ගැන්වීමක් සපයනු ඇති බවයි.
Leave a Reply