මැලේසියා හමුදා පුහුණුවීමක් අතරතුරදී හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි.
මැලේසියා නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් මෙලෙස ගුවනේ දී ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මින් එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක් යානය පිහිනුම් තටාකයකට කඩා වැටි ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
අනතුරට සිදුවූ අවස්ථාවේදී හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙක් පමණ සිට තිබෙනවා.
Leave a Reply