Loading...

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට – තත්ත්වය පාලනයට පොලීසිය සහ STF කැඳවයි

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 25කට අධික පිරිසක් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති අතර, එම ස්ථානය වෙත ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කැඳවා තිබෙනවා.

ගැටුමට හේතුව සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *