Loading...

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කුරුවිට බන්ධනාගාරයේ අද (07) උදෑසන ඇති වූ නොසන්සුන්තාවකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය අතරතුර තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

රැඳවියන් පිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කුරුවිට පොලීසිය සඳහන් කළා.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති අතර, මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුවිට පොලීසිය විසින් සිදුකරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *