Loading...

විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් තෙදින ජාතික ශෝක කාලයක්

ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති තෙදින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින පුරා සියලු රාජ්‍ය ආයතනයන්හි ජාතික කොඩිය අඩකුඹු කර තැබෙනු ඇති.

ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අතර, අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ගෞරව පිණිස විනාඩියක නිහඬතාවයක්ද පවත්වන ලදී.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *