Loading...

තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ

පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්සයි තරඟාවලිය අද (18) රාවල්පින්ඩි හිදී ආරම්භ වනවා.

තරඟාවලිය සඳහා පාකිස්ථානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්වීමට නියමිතයි.

තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙස පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (18) පැවැත්වෙනවා.

මෙම තරඟාවලියේ ඊයේ (17) ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද තරඟාවලියට එක්වන කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳව මතුවූ තත්ත්වයක් හේතුවෙන් තරඟ කාල සටහන සංශෝධනය කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 20 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

තරග කාල­ස­ට­හන,

18 : පාකිස්ථානය – සිම්බාබ්වේ

20 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

22 : ශ්‍රී ලංකාව – පාකිස්ථානය

23 : පාකිස්ථානය – සිම්බාබ්වේ

25 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

27 : ශ්‍රී ලංකාව – පාකිස්ථානය

29 : අව­සන් මහ තර­ගය


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *