අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව, එරට නිල රාජ්‍ය සංචාරයකට එක්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකාව වෙත ළඟාවී තිබෙනවා.
චීන ජනපතිවරයා ඇතුළු දූත මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානය අමෙරිකානු වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ වොෂින්ටන්හි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.
මෙම සංචාරය සඳහා චීන ජනපති ආර්යාව වන පෙං ලීයුවාන්, විදේශ ඇමති වං යී මහතා ඇතුළු උසස් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එක්ව සිටිනවා.
චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.
එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ෂී ජින්පිං මහතාගේ මෙවර අමෙරිකානු සංචාරය දෙරට සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවත්, චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට තමා අපේක්ෂා කරන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, චීනය සහ අමෙරිකාව එකිනෙකාගේ ප්‍රතිවාදීන් නොව සහකරුවන් ලෙස කටයුතු කළ යුතු බවයි.
චීනයේ පුනර්ජීවනය යනු අමෙරිකාවේ සංවර්ධනයට බාධාවක් නොවන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා, දෙරට අතර තරගකාරීත්වයක් පැවතිය ද සහයෝගීතාවය අගය කරමින් මතභේද පාලනය කරගනිමින් සාමකාමීව ඉදිරියට යා යුතු බව ද වැඩිදුරටත් කියා සිටියා.







Leave a Reply