Loading...

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරයි

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා පෙරවරු 09.30ට ප්‍රකාශයට පත් කරන ලද අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනයයි මෙලෙස නැවතත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ.

පවතින ගංවතුර අවදානම් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගවල මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් ද මේ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *