Loading...

මුහුදෙන් ඉන්දියාවට පැනීමට තැත් කළ 13ක් මාට්ටු

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යෑමට උත්සාහ කර ඇති අතර, එහිදී ඉන්දීය රේගු නිලධාරීන් විසින් ඔවුන්ව නැවත මෙරටට හරවා එවා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ආපසු එවන ලද සැකකරුවන් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කංකසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස කරුන්කොඩිත්තිව්, මාම්පිටිය, මැදවච්චිය, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොනරාගල, මාවඩිච්චේනෙයි, බලංගොඩ, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පොතුවිල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

කංකසන්තුරය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *