2024 අප්‍රේල් පළමු වනදා සිට දින 15ක් තුළදී විදෙස් සංචාරකයින් 82531 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කරනවා.
මේ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන 718315ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව අප්‍රේල් මස පළමු දින 15 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 17%ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම ගණන 14207කි.
ඊට අමතරව එක්සත් රාජධානියේ සංචාරකයින් 9095ක්, රුසියාවෙන් 8508ක් සහ ජර්මනියෙන් 6489ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
Leave a Reply