සේවකයෙකුට ශාරීරිකව පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලයක හිමිකරු අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අදාළ අවන්හල් ජාලයේ එක් ශාඛාවක සේවය කළ සේවකයෙකුට එහි හිමිකරු විසින් පහර දෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.
පොලිසිය සඳහන් කළේ සැකකරු අද (30) උදෑසන මහරගම පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
මේ අතර, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් සිය ස්ථාවරයද ප්‍රකාශ කළා.
“කරන්න තියෙන යුතුකම කළා. වැරද්දක් උණා. ලංකාවටම වැරද්දක් උණා. ඒ ගැන ඇත්තටම සමාව ඉල්ලනවා. සේවකයන්ට මගේ අතින් වෙච්ච දේ ගැන වැරද්දක් තියෙනවා. ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්නවා.”







Leave a Reply