එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීන පිළිගත යුතු බව පවසමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව අමෙරිකාවේ නිශේධ බලය යොදාගෙන පරාජයට පත් කර තිබෙනවා.
මෙම යෝජනාව ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන තිබු අතර එහිදී කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ යෝජනාවට එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.
කෙසේ වෙතත් අමෙරිකාව මෙම යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය පාවිච්චි කළ අතර ඒ පිළිබඳව ඊශ්‍රායලය අමෙරිකාවට සිය ස්තුතිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.
උපුටා ගැනීම (CNN)
Leave a Reply