මැදවච්චිය ප්‍රදේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ (16) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නඩුව ලබන 24 වනදා යළි කැඳවීමටත් එදින දක්වා පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
තවද සිද්ධියට සම්බන්ධ සියළු පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝගයක් ද නිකුත් කර ඇති බව සඳහන්.
මේ අතර නඩුවේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පෙනී සිට තිබෙනවා.
පසුගියදා 07 වෙනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු තරුණයකුට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර එයින් බරපතළ තුවාල ලැබූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර තිබිණා.
Leave a Reply