ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
අදාළ අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මියගේ සැමියා වන නයන වාසුල නැමැත්තා මියගිය අතර කේ සුජීවා මහත්මිය, ක්ලබ් වසන්තගේ බිරිය තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
Leave a Reply