ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් නොතිබියදී ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරමම්වල ප්‍රභූවරුන් සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව පසුගිය සතියේ දී රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඉදිරියේ දී දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ලෙස ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.
ආරක්ෂාව සම්බන්ධව කිසිඳු තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් 5000කට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ තත්ත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා.
Leave a Reply