Loading...

ත්‍රිකුණාමලය අධිකරණය මඟහැරි බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පසුගිය 11 වැනිදා පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා හමුවට උන්වහන්සේ ඉදිරිපත් කළ අවස්ථාවේදී කස්සප හිමියන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර, අධිකරණයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ තනිවම කරුණු දක්වනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මෙසේ ප්‍රකාශ කළා,

“බුද්ධ ශාසනය රැකීම සහ එහි චිරස්ථිතිය ආරක්ෂා කිරීම රජයේ හා භික්ෂූන් වහන්සේලාගේ වගකීමක්. තමා ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණයි.”

කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ව හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර, හෙට නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *