පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම පිළිබඳව විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත භාර දී තිබෙනවා.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටළුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම වාර්තාව සකස් කර ඇති බවයි.
එම වාර්තාව පසුගියදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත භාර තිබෙනවා.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති විනය කාර්ය පටිපාටිය අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටළු පිලිබඳ සොයා ඊට අදාළ විසඳුම් යෝජනා කිරීම සඳහා මෙම කමිටුව පත්කරනු ලැබුවා.
මෙම කමිටුවේ ප්‍රධානත්වය නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැරූ අතර කමිටුවේ අනෙක් සාමාජිකයන් ලෙස විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් නම් අදාළ කමිටුවට ඇතුළත් කර තිබුණා.
Leave a Reply