දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පිහිටි පාලම් 14ක් අලුත්වැඩියා කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළකර තිබෙනවා.
අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාස 18ක් ඇතුළත පාලම් 9ක අලුත්වැඩියා කටයුතු නිමකිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයෙන් යුවාන් මිලියන 7,929ක මූල්‍ය ආධාරයක් හිමිවීමට නියමිත අතර, ඒ සඳහා වන ගිවිසුම චීන රජය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන නිශ්චිත රජයේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.







Leave a Reply