Loading...

Porsche සමාගමෙන් TCS සමාගමට යුරෝ බිලියන 1.25ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක්

ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services (TCS) විසින්, ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche AG සමාගමට අයත් ‘MHP’ මෝටර් රථ සහ උපදේශන ඒකකය මිලදී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

මෙම තීරණාත්මක හවුල්කාරිත්වය යටතේ TCS සමාගම සහ MHP වෙනුවෙන් යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු ආයෝජනයක් කිරීමට Porsche සමාගම එකඟවී තිබෙනවා.

ව්‍යාපාරික උපදේශන සහ මෘදුකාංග පාදක කරගත් වාහන තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් ඇති MHP සමාගමේ ව්‍යවසාය වටිනාකම යුරෝ මිලියන 320ක් ලෙස තක්සේරු කර ඇති අතර, ඉදිරි මාස 3 – 4 ඇතුළත මෙම ගනුදෙනුව අවසන් කිරීමට අපේක්ෂිතයි.

මෙම වසර පහක ගිවිසුම හරහා Porsche සමාගමේ ඉංජිනේරු, නිෂ්පාදන, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා අංශ සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කිරීම මෙන්ම නවීන මෝටර් රථ තාක්ෂණය සහ මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමට TCS සමාගම කටයුතු කරනු ඇති.

චීන තරගකාරිත්වය, තීරුබදු සහ විදුලි වාහන නිෂ්පාදන වියදම් හමුවේ Porsche හි මව් සමාගම වන Volkswagen සමූහය සිය පිරිවැය අඩු කරගැනීමේ සහ ව්‍යාපාරික ව්‍යුහය සරල කරගැනීමේ දැඩි පීඩනයකට ලක්ව සිටින පසුබිමක මෙම දැවැන්ත ගනුදෙනුව සිදුවීම විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *