නේපාලයේ රසුවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 403 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන් වූවන් අතර කාන්තාවන් 200 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 203 දෙනෙකු සිටින බව සඳහන්.
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් හිම ඉක්මනින් දිය වී යාම සහ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීම මීට මූලික හේතුව වී ඇත.
එම නායයෑමෙන් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වී, පසුව එකවරම දැවැන්ත ජල කඳක් පහළ ප්‍රදේශ වෙත මුදාහැරීමෙන් මෙලෙස විනාශකාරී ගංවතුර හටගෙන තිබෙනවා.
ගංවතුර හේතුවෙන් භෝටේ කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබෙනවා.






Leave a Reply