නේපාලයේ රසුවා ප්රදේශයේ සිදුවූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ද වන බව සඳහන් වනවා.
චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා දිස්ත්රික්කයේ ඇති වූ භූමිකම්පා තත්ත්වයක් සලකා බලමින් ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුව තිබෙනවා.
එමගින් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වී, පසුව එකවරම විශාල ජල කඳක් පහළ ප්රදේශ වෙත මුදා හැරීමෙන් මෙම දැවැන්ත ජල ගැලීම හටගෙන ඇත.
ගංවතුර හේතුවෙන් භෝටේ කොෂි ගඟ ආසන්නයේ පිහිටි ප්රධාන මාර්ග සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර පාලම්, විදුලි බලාගාර ව්යාපෘති සහ යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව තිබේ. එසේම චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද ජල පහරට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.
මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්රික්කයේ කඳුකර ප්රදේශවලට මෙන්ම ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්රාන්තයට ද දැඩි ලෙස බලපා ඇති අතර එහෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබේ. මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ප්රදේශයේ ක්රියාත්මක වනවා.







Leave a Reply