සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරු වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ ගොවීන් අලෙවි කළ පසු ඊට අදාළ මුදල් බැංකු මඟින් ගැනීමට යන අවස්ථාවේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් සළකා මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඊයේ (04) දිනය වන විට වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් පමණ වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගෙන තිබුණා.
ඉන් 90%ක් රතු නාඩු වන අතර සම්බා හා කීරි සම්බා, වී අලෙවි මණ්ඩලයට ගොවීන් අලෙවි නොකරන බවද එම මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියා.








Leave a Reply