නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම මෙට්‍රෝ බස් සේවයේ මූලික අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළා.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සඳහන් කළේ, කාර්යක්ෂම සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ජනතාව වෙත ලබාදීම තුළින් රට තුළ නව ප්‍රවාහන පරිවර්තනයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි.
“ඇත්තටම අපි මේ කරන්නේ අලුත් බස් ගෙනල්ලා හඳුන්වාදීමක් නෙමෙයි. ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුළ තියෙනවා. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. අපි හදන්නේ අලුත් සංස්කෘතියක්, ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුළ ඔබට සැප පහසු බස් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබ ගැන හිතන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ ඔබට මනුෂ්‍යයෝ කියලා සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ යන්න ප්‍රියමනාප බස් එකක් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබේ ගමනේ ආරක්ෂාව ලැබෙනවා. ඉතිං අපි ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ තනි පුද්ගලයෙක් එළවගෙන යන කාර් රථ දහස් ගාණක අයත් මේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතියේ අවසානය.”







Leave a Reply