ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම අද (08) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතයි.
පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගියදා නම් කෙරුණා.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තෙක් දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ව්‍යවසායකයෙකු වූ සී. ඩී ලෙනව මහතා විසින් පසුගිය 3 වනදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.








Leave a Reply