Loading...

ඉරාන තානාපතිවරයාට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී මෙම පහරදීම ඊයේ (18) දිනයේ සිදුව ඇති බවයි.

සිද්ධියට අදාළව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (19) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුනා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *