ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය අද (12) ආරම්භ වෙනවා.
තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඊයේ (12) නිවේදනය කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්.
පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සංචිතයට නම් කර තිබෙනවා.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර එක්දින සංචිතයට ඇතුළත්.
තවද කමිඳු මෙන්ඩිස් එක්දින සංචිතය සඳහා කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම තරඟාවලියේ සියළු තරඟ චිතගොං හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.
Leave a Reply