සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (08) සිට ලබන 11 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අද පෙරවරු 09.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර, මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග දෙකක් අනුමත කරගැනීම සඳහා අද දිනයේ විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.
මේ අතර, පාර්ලිමේන්තු සතියේ ඉදිරි දිනවලදී පහත සඳහන් පනත් කෙටුම්පත් සහ යෝජනා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.
සැප්තැම්බර් 09 (බදාදා): ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය.
සැප්තැම්බර් 10 (බ්‍රහස්පතින්දා): කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ වන යෝජනා සම්මතය අනුමත කරගැනීමේ විවාදය.
සැප්තැම්බර් 11 (සිකුරාදා): පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් පිළිබඳ විවාදය.







Leave a Reply