උපකාරක පන්ති සහ සමාජ මාධ්‍ය ජාලයන්වල ජනාධිපතිවරණ සමීක්ෂණයක් සිදුකරන ලද පුද්ගලයන් සම්බන්ධව සොයා බලන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා ඉදිරිපත් කිරීම පිළිබඳව 66 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවයි.
ඊට අමතරව ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම් පැවැත්වීමේ දී ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම මැතිවරණ පනත අනුව නීති විරෝධී බවද ඔහු සඳහන් කළා.
එම කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ඡන්ද විමසීම පනතේ සඳහන් වෙනත් වැරදි සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන් ඉල්ලා බවත් එවැනි වැරැදි සිදු කිරීමේ ප්‍රතිඵලය අපේක්ෂකත්වය අවලංගු වීම, තේරී පත්වීමෙන් පසු ඡන්ද විමසීමකින් අපේක්ෂකයාගේ ධුරය අහෝසි වීම, සිරිගත වීමට හැකි බවත්ය.
රාජ්‍ය සේවකයන් තමාට පැවැරී ඇති රාජකාරිය පමණක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ඒ මහතා රාජ්‍ය සේවකයන් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළහොත් රැකියාව පවා අහිමි වීමට හැකි ඉඩක් ඇති බව සඳහන් කරනවා.








Leave a Reply