Loading...

22 ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙට (20) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සභාවට දැනුම් දුන්නා.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුව හමුවේ පැවසුවා.

එමෙන්ම, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම්වල පිටපත්ද කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *