Loading...

BMICH අසල සැක කටයුතු මරණයක්

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසළ පුද්ගලයෙක් සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ ඊයේ (24) අලුයම් කාලයේ දී මෙම සිරුර සොයා ගත් බවයි.

පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *