මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහර දීමක් නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බව එම තරුණයාගේ මව චෝදනා කරනවා.
පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් බවත් ඔහු අත්අඩංගුවට ගැනීම යාමේදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු බවත්ය.
පසුගිය 07 වනදා අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය මිතුරෙක් සමඟ ලොරි රථයක් මැදවච්චිය නගරය බලා ගොස් තිබුණා.
අදාළ අවස්ථාවේ ලොරිය පසුපසින් හඹා ආ මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් එම ලොරි රථය නවතා සිය පුතුට සහ මිතුරාට පහරදුන් බවයි තරුණයාගේ මව පවසන්නේ.
පහර කෑමෙන් සිදුවූ බරපතළ තුවාල නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් ද සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවද ඇය චෝදනා කරනු ලබනවා.
පහර කෑ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ද තමාට සහ මිතුරාට බරපතළ ලෙස පහරදුන් බවයි මෙම තරුණයා පවසන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැදවච්ච්ය පොලීසිය සඳහන් කරන්නේ තරුණයින් දෙදෙනා ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවයි
ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඇති අතර එම අවස්ථාවේදී රථයෙන් ඒවා ඉවතට විසිකර ඇති බවද පොලීසිය පවසනවා.
පොලීසිය වැඩිදුරටත් කියා සිටින්නේ තවද සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා බීමතින් සිට ඇති බවත් ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොතිබූ බවත්ය.








Leave a Reply