Loading...

ගෝඨාට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබුවා.

ඒ යාපනය මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු 5ක කුඩා දරුවෙක් ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙක් කපා කොටා මරා දැමීමේ සිද්ධිය පිළිබඳව කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩය නියම කළ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැති පුද්ගලයාට සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කිරීම හේතුවෙන්.

2000 වසරේ සිදුවූ අන්දෝලනයකට තුඩු දුන් මෙම අපරාධයකට අදාළව සිරදඬුවම් විඳමින් සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පූලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *