Loading...

පොලිස් නිලධාරීන්ට ඇමති ටිරාන්ගෙන් දැඩි අවවාද

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගත් අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්ණ කිරීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

අදාළ ප්‍රශ්ණ කිරීම පිළිබඳව චෝදනා එල්ලව සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතාට අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙලෙස අවවාද කර ඇති ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

තවද මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු නොවීමට වගබලා ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පොරොන්දු වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *