යාපනය මන්ඩතිඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි.
ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට අදාළව පරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බව හෙළි වීමත් සමඟයි.
යාපනය මණ්ඩතිව් දූපතේ ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 1 වනදා ආරම්භ වුණා.
දිගු කාලීන සැලැස්මක් මත මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා නගරයක් බවට පත්කිරීම පිළිබඳව සැලසුම ද එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පුර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද මධ්‍යස්ථානවලින් සමන්විත වනවා.
මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර 4ක් යටතේ ඉදි කිරීමට නියමිතයි.
එහි ආරම්භ අදියර ලෙස තරඟ පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇති.
ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටිය දෙවැනි අදියර යටතේ සිදු කිරීමට නියමිතයි.
තෙවන අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරිම ද, අවසන් අදියරේ දී විදුලි ආලෝක පද්ධතිය ස්ථාපිත කිරීමට ද නියමිතව තිබෙනවා.
යාපනය වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති භූමියක මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
40000කට ආසන්න ප්‍රේක්ෂක ගණනකට මෙහි තරඟ නැරඹීමේ අවස්ථාව හිමි වනවා.
යාපනය මණ්ඩතිව් ක්‍රීඩාංගණය සැලකෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ දිවා රාත්‍රී තරඟ පැවැත්වීමේ පහසුකම් සහිතව ඉදිවන මෙරට 5 වන ක්‍රීඩාංගණය ලෙසයි.
ඊට අමතරව ජාත්‍යන්තර තරඟ පැවැත්විය හැකි 7 වන ක්‍රීඩාංගණය ලෙස මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතිහාසගත වනු ඇති.







Leave a Reply