Loading...

ශ්‍රී ලංකන්වලට වැඩ පෙන්නන්න මාස 6ක් කල් දෙයි

රජයෙන් ලබාදී ඇති අමෙරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 6 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) එම අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මඟීන්ට සිදුවූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයට ලක්වුණා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වාගෙන යාමට ගුවන් සමාගම විසින් ගානකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය ගෙවා දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආකර්ෂණිය මුල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරි මාස 6 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කිරීමට සැලසුම් කර ඇති අතර අදාළ මාස 6 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය විදයම් කපා හැර මනා මුල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය සඳහා පරිපාලන සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු බවයි අමාත්‍යවරයා සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත්තේ.

එසේ නොවුණහොත් 6000 පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති බවද ඔහු සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *