Loading...

බංගලියන්ට එරෙහි ජය සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය ආරම්භ වීමට පෙර ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ පාකිස්ථානයට එරෙහිව තරඟ දෙකක් ක්‍රීඩා කර තිබූ අතර එම තරඟ දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ 9 වන ස්ථානයේ රැඳී සිටියා.

පසුගියදා බංග්ලාදේශයට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් තරඟයේ ජය සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා පැමිණීමට ඉදිරියට පැමිණි අතර ඊයේ (03) ලැබූ තරඟාවලි ජය සමඟ සිව්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලැබුණු ගණන 24කි.

තරඟාවලිය ආරම්භ වීමට පෙර සිව්වැනි ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශය මේ වන විට 8 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඔවුන් තරඟ 4කින් එක් තරඟයක් පමණක් ජයගෙන ඇති අතර බංග්ලාදේශයට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 25%කි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟයේ දී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (03) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 193කි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 531ක් රැස් කිරීමට සමත් වුණා.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක්, දිමුත් කරු­ණා­රත්න ලකුණු 86ක්, ධනං­ජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දි­මාල් ලකුණු 59ක්, නිෂාන් මධුෂ්ක ලකුණු 57ක්, ප්‍රභාත් ජය­සූ­රිය ලකුණු 28ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 531ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සමත් වුණා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ඇරඹු අතර එහිදී කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබා ගැනීමට හැකි වුණා.

මේ අනුව මෙම තරඟය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 511ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 318ක් පමණි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *