Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාලිංගට අලුත් වගකීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අනුව දෙසැම්බර් 15 වනදා සිට ජනවාරි 25 දක්වා මාසයක කාලයක් සඳහා ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සුදානම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මෙමඟින් බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *