සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිටින ටැටූ ආයතනයේ හිමිකරුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කියා සිටියේ සැකකරු විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එම ආරක්ෂාව ලබාදී ඇති බවයි.
එම සැකකරු මේ වන විට කොළඹින් බැහැර වෙනත් බන්ධනාගාරයක විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බවද සඳහන්.
බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනෙක් සැකකරුවන් 6 දෙනා කොළඹ බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවයි.
Leave a Reply