බන්ධනාගාර ආශ්‍රිතව පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස්පතිවරයා මෙන්ම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ.
බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම්වලට හේතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශ්ව එකම ස්ථානයකට කැඳවා සාකච්ඡා කිරීමේ අරමුණ වන්නේ බන්ධනාගාර තුළ මෙවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීම බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
“බන්ධනාගාරවල සිදුවීම් බොහොම කනගාටුදායක සිදුවීමක්. මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට ඒ පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කරලා බොහෝ දුරට විමර්ශන කටයුතු ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අනිත් බන්ධනාගාර මහර, ඒ වගේම ඊට පස්සේ ඇති වුණු සිද්ධීන් පිළිබඳව දැනට කොම්සම් සභාව විමර්ශනය කරගෙන යනවා…”







Leave a Reply