Loading...

,

දියතලාවේ මෝටර් රථ තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 මරුට

දියතලාව නරියාකන්ද ෆොක්සිල් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙක් මියගොස් තිබෙනවා.

ධාවන තරඟය අතරතුර දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා කියා සිටියේ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මියගිය පිරිස අතර කුඩා දරුවෙකුද සිටින බවද පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *