ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමතව තිබීම හේතුවෙන් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයින් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇති බවට රාජ්‍ය නිලධාරියෙක් විසින් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
මැතිවරණ කොමිසම රජයට මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල බලපෑම සම්බන්ධව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
තවද විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වනදාට පෙර නිම කර ගන්නා ලෙස රජය විසින් සියළුම දිස්ත්‍රික් ලේක්මවරුන්ට මීට ඉහතදී උපදෙස් ලබාදී තිබූ බවට තොරතුරු වාර්තා වුණා.
පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙලෙස සංවර්ධන ව්‍යාපෘති වේගත් කිරීමෙන් ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇති බවත් ඒ සඳහා වහා මැදිහත් වන ලෙසත්ය.








Leave a Reply