එල්-නිනෝ තත්ත්වය මේ වන විට වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, එය නොවැම්බර් මාසය වනවිට උච්චතම තත්ත්වයට පත්විය හැකි බවයි.
ශ්‍රී ලංකාවට එල්-නිනෝ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වියළි කාලගුණයක් පැවතිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවූවා.







Leave a Reply