Loading...

ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයක් ගිනි තබයි

2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයක් ගිනි තබා ඇති බව වාර්තා වනවා.

පැරිසියේ සිට බටහිරට, උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී මාර්ගවල මෙම ගිනි තැබීම වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ල ඇති බවද සඳහන් වනවා.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් දුම්රිය මඟීන් 800000ක් පමණ අපහසුවට පත්ව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *