Loading...

ගෙදර ඉන්න ලෑස්ති – දුම්රිය ස්ථානධිපතිවරුන්ගෙන් රජයට අභියෝගයක්

සේවය හැර යෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය මේ බව සඳහන් කළේ වර්ජනයේ නිරතවන දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින්.

“අපිත් බය නැහැ. ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි. මේ මර්දනයට එරෙහිව හෙට තවත් වෘත්තීය සමිති එකතු වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්කෙනෙක්වත් මේ ලියුම්වලට බය වෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ.. මගී ජනතාවට වෙන අපහසුතාවය ගැන. බලධාරීන් විසඳුම් දෙන්න ඕනේ.”

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයට අනුව අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බවයි.

එලෙස නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *