Loading...

,

රත්වත්තේ කියන්නේ සොර නාමය නැති පවුලක් – සරත් ඒකනායක

රත්වත්තේ යනු සොර නාමය නොමැති පවුලක් බව හිටපු අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට එක් වෙමින්.

රත්වත්තේ සන්නාමයක් සහිත නමක් බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

“රත්වත්තේ කියන්නේ සන්නාමයක්. උතුම් දළදාවේ දියවඩනේ නිළමේ තනතුරු දරපු රත්වත්තේලා හිටියා. ලංකාවේ සුවිශේෂී චරිතයක් වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පරම්පරාවත් රත්වත්තේ පරම්පරාව තමයි.

ඒ නිසා රත්වත්තේ කියන නම චිරාත්කාලයක් පවතින නමක්.ඒ පවුලේ නොමැකෙන සටහන් තියපු කෙනෙක් තමයි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ කියන්නේ. එතුමා උදව් නොකරපු පුවලක් නැහැ. රැකියා දහස් ගණනක් දීලා තියනවා.

ලග්ගල වගේ ඈත ප්‍රදේශවලට විදුලිය ‍ෙදුන්නේ අනුරුද්ධ රත්වත්තේ.මම ඒ දවස්වල එතුමත් එක්ක වැඩ කළේ. ගමන් බිමන් ගියේ.එතුමාට නොදෙවෙනි පුත්තු තුන්දෙනෙක් හැදුවා. එක පුතෙක් මගෙත් එක්ක පලාත් සභාවල හිටියා. ටික කාලයයි හිටියේ.

ඒ හිටපු කාලයේ අපිත් එක්ක සුහදව හිටියා.මන් මේ කාතා කරන්නේ අපි අතරින් වෙන්වි ගිය ලොහාන් රත්වත්තේ ගැන. පාර්ලිමේන්තුවේ කිසි දවසක කාටවත් බැනපු නැති ගරහපු නැති කෙනෙක්.

එතුමගේ රාජකාරිය පමණයි එතුමා කළේ. හැමකෙනෙක්ම ආදරේ කරන චරිතයක්.ඉතින් කතාවට යන්නේ හොරු හොරු කියලනේ. හොර නාමය නැති පවුලක් තමයි රත්වත්තේ පවුල”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *