ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය සාමාන්‍යකරණය වීම ආර්ථික විශ්ව කර්මයක් බව ලෝකයක් පවසන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ කඩා වැටුණ ආර්ථිකයක් මේ තරම් ඉක්මණින් ගොඩ එනවා දැක නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය කියන්නේ රටට ලාභ වෙනවා නම් තමන්ට පාඩු වූවාට කමක් නෑ කියා කටයුතු කළ සංගමයක්. ඔවුන් පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදයේ දී ලාභය නොතකා සේවය ලබා දුන්නා.
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේද එයයි. එතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අපද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා.
ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළි ගන්න වෙනවා.
බංකොලොත් වූ රටවල් අතරින් මේ තරම් ඉක්මණින් රටක් සාමාන්‍යකරණයට පත් වූයේ ශ්‍රී ලංකාව බව ලෝකය පිළිගන්නවා. එය ලෝකය අගය කරනවා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බූදයෙන් සාමාන්‍යකරණය වීම ආර්ථික විශ්ව කර්මයක් බව ලෝකය පවසනවා. ඔවුන් පවසන්නේ කඩා වැටුණ ආර්ථිකයක් මේ තරම් ඉක්මණින් ගොඩ එනවා දැක නැති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතියෝපියාවේ ආර්ථිකය ගොඩ නැඟීමේදී ශ්‍රී ලංකාවේ වික්‍රමසිංහ දෙස බලන්න කියා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අපේ රටේ අය එතුමාට දෝෂාරෝපණය කරනවා. අප සියලුදෙනා රටේ මෙම සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි”.
Leave a Reply