ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල විරෝධයද එල්ල වී ඇති බව සඳහන්.
ඒ අනුව, පසුගිය 24 වැනිදා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් විපක්ෂ නායක කාර්යාලයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
මේ අතර, රජයේ තීරණයට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය අද (27) කොළඹදී මහා සමුළුවක් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයත් නීතිඥවරුන්ගේ විශේෂ සමුළුවක් අනිද්දා (29) කොළඹදී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගි වන ලෙස සියලු නීතිඥවරුන්ට ආරාධනා කර තිබෙනවා.






Leave a Reply